Pages

Wednesday, July 18, 2012

නිල් මැණික






දිටිමි නිල්
මැණිකක්,
හැඳින ගති එහි
අගය,
දකින්නට සරසනු
ඔටුන්නක්,
නොගෙන එය මා
සන්තකයට,
ඒ නමුදු මා
දුටුවෙ,
කපුටකු දරන
වෙහෙසක්,
අදින්නට එය උගේ
කූඩුවට...



Sunday, April 22, 2012

ඒ කදුළේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා





ඊයේ ඇස් වල තිබු කදුළු
පිසලන්නට බෑ කිව් නිසා
ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා
සද අදුරට උරුම වෙලා

ආදරයේ කදු බෑවුම් අතරේ
කදුළු වලින් මියැදී
සිනහවෙන් ඉපදී
ආ හැටි පෙරදී
කදුලේ ඉපදි වියැකි
ඒ සුරතල් සිනා
ඒ කදුළේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා
ඒ කදුළේ ආදරයේ පැහැයක්
තිබුණා


Tuesday, February 21, 2012

කුරුල්ලො


අතටම ආපු කුරුල්ලො,
ඈත පියාඹනව දකිද්දි ...